මාධ්‍ය වාර්තා අසත්‍යයි.ආනයනික නවතම වාහනවලින් 75%ක් 80%ක් විකිණී අවසන්!

කොළඹ LNW:මිල ගණන් ඉහළ යාම නිසා ආයනනික වාහන අලෙවිකර ගැනීමට නොහැකි තත්ත්වක් මතුව ඇති බවට ඇතැම් මාධ්‍ය විසින් පළකර තිබෙන වාර්තාවල සත්‍යතාවක් නොමැති අතර නවතම ආනයනික වාහන සඳහා විශාල ඉල්ලුමක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයන සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.

මේ අතර ආනයනික වාහන රටට පැමිණීමේ අඩුවක් නොමැති බවත් මේ වන විටත් නවතම වාහන හය හත්දාහක් රට තුළට ගෙනවිත් තිබෙන බවත් මානගේ මහතා සඳහන් කරයි.

ආර්ථික කඩා වැටීම හමුවේ වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවා වසර පහකට පසු නැවත ආනයනය සඳහා ඉඩ ලැබීමෙන් පසු වාහන ඉල්ලුමද එලෙසින්ම වැඩි වී තිබෙන බවයි ඔහු පවසන්නේ.

මේ වන විට දිවයිනට පැමිණි වාහන වලින් 75%ක් 80%ක් විකිණී අවසන් බවද මානගේ මහතා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...