රනිල්ගෙන් අල්ලස් කොමිසමට ඇමේසන් නදිය ගැන පාඩමක්. කොමිසමේ තොරතුරු ජනපතිට යාම ගැනත් රනිල්ගේ දැඩි විරෝධය

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය. අද උදෑසන 09.15 පමණ වනවිට එහි ගිය ඔහු පැය තුනක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව කොමිසමෙන් පිටව ගියේය.

රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට ගොනුකර ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළවයි.

එහිදී අල්ලස් කොමිසමේ අභ්‍යන්තර තොරතුරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතට පත්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිය දැඩි විරෝධය පළකර තිබේ. අනුර කුමාර දිසානායක මහතා පසුගිය 11 වනදා මඩකලපුවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී “අල්ලස් කොමිසමට 15 වන දා එන්න කියලා තියෙන්නේ. දැන් ‘මම දැක්කා’ ලියුමක් ලියලා තියෙනවා අල්ලස් කොමිසමට අවුරුදු කනවා කියලා” යැයි පැවසූ බවත් ඒ අනුව තමන් අල්ලස් කොමිසමට යැවූ ලිපියක් ඔවුන් ජනාධිපතිවරයා පෙන්වා ඇතැයි ජනාධිපතිවරයාම පවසා ඇති බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසම යනු ස්වාධීන කොමිෂන් සභාවක් බවත් එහි අභ්‍යන්තර තොරතුරු ජනාධිපතිවරයාට ලැබෙන්නේ නම්, ඔහු ඒවා පිළිබඳව කතා කරන්නේ නම් එය විශාල ගැටලුවක් බවත් සඳහන් කර ඇත. එහෙයින් අල්ලස් කොමිසමෙන් තමන්ට සාධාරණයක් ඉටුවේද යන්න පිළිබඳව සැකයක් උපදින බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත.

එසේම රාජ්‍ය මූල්‍ය යනු ඇමේසන් ගංගාව හා සමාන දෙයක් බවත් එය පරක් තෙරක් නොපෙනෙන මහා විශාල විෂයයක් බවත් එය එතරම්ම සංකීර්ණ බැවින් රාජ්‍ය මූල්‍ය සම්බන්ධ විමර්ශන සිදුකිරීමේදී ද ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ඇතිව කටයුතු කළයුතු බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත.

එමෙන්ම චාමර සම්පත් මන්ත්‍රීවරයාට අදාළ සිද්ධියේදී ඔහු වරදක් කර නොමැති බවත් මෙය නිසි ආකාරයෙන් බැලුවහොත් අල්ලස් කොමිසම හමුවට කැඳවිය යුත්තේ භාණ්ඩාගාර ලේකම්වරයාව බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...