විදේශීය දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වේ. ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබුණ අතර, ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 08ක් තුළ තිබී විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි 83,600ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙන බව සඳහන් වේ.

සැකකරු සම්බන්ධයෙන් ගුවන් තොටුපොල රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් වේ.

තවද, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා මෙම මස 13 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක වන මෙහෙයුමට අදාළව මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 331 දෙනෙකු ඊයේ දිනයේදී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයින පුරා සිදුකල වැටලීම් 331කදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එම වැටලීම්වලදී , හෙරොයින් ග්‍රෑම් 142කට අධික ප්‍රමාණයක්, අයිස් ග්‍රෑම් 157කට අධික ප්‍රමාණයක් සහ ගංජා කිලෝ 8කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 410ක් ද ඊයේ සිදු කෙරුණු වැටලීම්වලදී පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මේ අතර, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී, ඩුබායිහි තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකින් මිලදී ගත්, රුපියල් ලක්ෂ තිස් පහක් වටිනා විදේශීය මත්පැන් බෝතල් 234ක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයින් 05 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

එම සැකකරුවන් සියලු දෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් පිරිසක් බවට අනාවරණ වී ඇත.  ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් තොගය සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර ව්‍යාපාරිකයන් 05 දෙනා සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):"එක්සත් අරාබි එමීර්...

Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  ඉරානය විසින්...

ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටාර් රාජ්‍යය තම...

ඇන්ජි නෙමෙයි හිස් තැන මිලාන් වන ලකුණු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...