ඉන්දු-පාකිස්ථාන ගැටළුව පිළිබඳව චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දු-පාකිස්ථාන ගැටළුව පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශයක් කර තිබෙනවා.

වත්මන් ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමේ පියවරට මෙන්ම කඩිනම් සාධාරණ විමර්ශනයකට සහාය වන බවයි චීනය පවසන්නේ. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවා.

ඉන්දියාවේ සහ පාකිස්ථාන‍යේ අසල්වැසි රටක් ලෙස, චීනය අපේක්ෂා කරනුයේ දෙපාර්ශ්වය සංයමයෙන් කටයුතු කරමින් එකම දිශාවක ගමන් කරනු ඇති බවයි.

කලාපීය සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට අදාළ ගැටළු, සංවාද හා සාකච්ඡා මගින් විසඳා ගනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද Guo Jiakun මහතා සඳහන් කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...