බංකොලොත් රටක ජීවිතය : ජනතාව ගෑස් ලොරියකින් ගෑස් සිලින්ඩර කොල්ලකයි ! (VIDEO)

කොළඹ, ආමර් වීදිය ප්‍රදේශයේදී ජනතාව, ගෑස් සිලින්ඩර ප්‍රවාහනය කරන ලොරියකින් ගෑස් සිලින්ඩර කොල්ල කා තිබේ.

ඊයේ (08) දිනයේදී මෙය සිදුව ඇති අතර ගෑස් සිලින්ඩර 100ක් පමණ මෙසේ පැහැරගෙන ගොස් ඇති බව පැවසේ.

පසුව පොලිසිය පැමිණ පිරිස විසුරුවා හැර අදාළ ලොරිය පොලිස් ස්ථානය කරා ගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ වනවිට පවතින ගෑස් තොග හිඟය හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරීම ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නවතා දමා ඇති අතර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරනු ලැබේ. කෙසේවෙතත් නාගරික ජනතාව මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...