ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීම : චෝදනා එල්ල වූ හිටපු මැති ඇමතිලාගේ ප්‍රතිකාර දත්ත CIDයට දීමට නියෝගයක්

Date:

ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීමේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති මහජන නියෝජිතයින් 22 දෙනා ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසම් කිහිපයක් ගොනුකරමින් සිදුකළ ඉල්ලීමක් ඊයේ (අප්‍රේල් 30) සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම මහජන නියෝජිතයින් ලබාගත් ප්‍රතිකාර පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස රජයේ සහ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් පිරිසකට නියෝග කළ කොටුව මහේස්ත්‍රාත්වරිය මෙම පිරිස විදේශගතව ප්‍රතිකාර ලබා ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය ලබාදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරියට ද නියෝග කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...