කොළඹ ප්‍රධාන මැයි රැළිය වෙනුවෙන් බස්රථ 5,532ක් අද ගාලු මුවදොර පිටියට!

Date:

රෂිකා හෙන්නායක

ලෝක කම්කරු දිනය (මැයි01) වෙනුවෙන් පැවැත්වෙන මැයි රැළි සහ පෙළපාළි සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතින අතර, ප්‍රධාන රැළි ආරම්භ වන්නේ අද (01) පස්වරුවේයි. 

පොලීසියේ දත්තවලට අනුව කොළඹ පමණක් මැයි රැළි 14ක් සංවිධාන කර තිබෙන අතර, පැවැත්වෙන පෙළපාළි සංඛ්‍යාව 09කි.පොලීසිය පැවසුවේ, තලවකැලේ නගරසභා ක්‍රීඩාංගණයේ ඇතුළු කොළඹින් පිට ප්‍රදේශවල මැයි රැළි 16ක් පැවැත්වෙන බවයි . 

ගාලු මුවදොර ක්‍රීඩා පිටිය, පී ඩී සිරිසේන ක්‍රීඩංගණය, තැපැල් මූලස්ථානය, හයිඩ් පිටිය, පුස්තකාල ශ්‍රවණාගාර පරිශ්‍රය, විහාරමහාදේවි එළිමහන් රංගපීඨය සහ ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාපිටියේ මැයි රැළි සංවිධාන කර තිබෙන අතර, කොස් ගස් හන්දිය, බාලාතම්පෝ පටුමඟේ සංගම් මූලස්ථානය, ශාන්ත මයිකල් දේවස්ථානය, කොළඹ 05 සංගම් මූලස්ථානය සහ නගර ශාලාවේද මැයි රැළි පැවැත්වීමට නියමිතව ඇත. 

පොලීසිය සඳහන් කළේ, කොළඹ පැවැත්වෙන ප්‍රධාන මැයි රැළිය ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන බවත් ඊට ලක්ෂ දෙක හමාරකට ආසන්න පිරිසක් පැමිණෙනු ඇති බවත්ය .රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ,  මෙම රැළිය සඳහා බස්රථ 5,532ක් පැමිණෙනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...

වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...