රනිල්ගේ ප්‍රධාන ආරක්ෂකයා කන්කසන්තුරේට මාරුකිරීම : පොලීසියට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ?

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතාව ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරේට මාරු කිරීමට පොලිස් මූලස්ථානයට පියවර ගෙන තිබිණි.

එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට අශෝක ආරියවංශ මහතා සූදානමින් සිටින බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පොලීසියේ ඉහළ පාර්ශවයකින් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ අදාළ නිලධාරියාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදුකරමින් පවතින බවයි. ඔහු අවස්ථා කිහිපයකදීම තම විෂය පථයෙන් බැහැරව විවිධ සැකකරුවන් පිළිබඳ පොලිස් ස්ථානවලින් විමසීම් කරමින් බලපෑම් සිදුකර ඇති බවත් එම සිද්ධි පොලිස් සටහන් පොත්වල ලියවී ඇති බවත් ඒ අනුව පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහොත් මේ සියලුම කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට පොලීසිය සූදානමින් සිටින බවත් ආරංචිමාර්ග පැවසීය.

ප. ලි. –

තම ප්‍රභූවරයාගේ දුරකථනය තමන් අතේ තබාගෙන සිටින සියලුම පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට මේ සිද්ධියෙන් ඉගෙන ගැනීමට පාඩමක් තිබේ. ඒ, තම ප්‍රභූවරයාට දුරකථන ඇමතුමක් ලබාගැනීමට අවශ්‍ය වූ විට අදාළ අංකය අමතා දුරකථනය ප්‍රභූවරයාට ලබාදීම මිස තමන් කතා කරන්නට යාම නොකළ යුතු බවට ය. එසේ නොමැති වූ විට ඉහත වර්ගයේ ප්‍රශ්න මතුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  ඉරානය විසින්...

ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටාර් රාජ්‍යය තම...

ඇන්ජි නෙමෙයි හිස් තැන මිලාන් වන ලකුණු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කියෙව් කලාපයට රුසියානු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර; හයක් මරුට!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්‍රේන කියෙව් කලාපයේ...