නිදහස් මනසකින් ගොස් ජන්දය දෙන්න – මැ.කො

කොළඹ LNW:පළාත් පාලන මැතිවරණයේදී නිදහස් මනසකින් යුතුව පැමිණ ඡන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

පළාත් පාලන ආයතනයකින් සිදුවන කාර්යභාරය ගැන අවබෝධයකින් යුතුව ඡන්දය භාවිතා කරන ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින අතර ඡන්ද මධ්‍යස්ථානයට පැමිණීමෙන් අනතුරුව ඡායාරූප ගැනීම වැනි නීති විරෝධී ක්‍රියාවලින් වැළකී සිටින ලෙසද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි.

මේ අතර ජන්ද ප්‍රකාශය කිරීම ගැන සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රචාරය කිරීමද නීති විරෝධී බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා කියාසිටියි.

ජන්ද පත්‍රිකාවේ දැක්වෙන්නේ පක්ෂ හා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නම් සහ සලකුණු පමණක් වන හෙයින් තමන් ජන්දය ලබාදෙන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම දැක්වෙන සලකුණ ඉදිරියෙන් කතිරය ගැසීම පමණක් ප්‍රමාණවත් බවයි රත්නායක මහතා සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...