අමාත්‍ය ආනන්ද විජේපාලට එරෙහි රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරේ!

රෂිකා හෙන්නායක

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.