ඉන්දු-පාකිස්ථාන් ගැටුමේ නවතම පුවත්; අගමැති ෂරීෆ් ඉන්දියාවට පහර දීමට හමුදාවට අවසර දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(07) අලුයම ඉන්දියාව සින්දූර් මෙහෙයුම හරහා පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර දියත් කිරීමෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 26 දෙනෙකු මිය ගොස් 46 දෙනෙකු තුවාල ලැබීමත් සමඟ අගමැති ෂෙබාස් ෂරීෆ් ඉන්දියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තානු සන්නද්ධ හමුදාවන්ට අවසර ලබා දී ඇති බව පකිස්ථානු අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.

මෙමගින් ඉන්දු – පකිස්ථානු යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වන අතර මේ වන විට කාශ්මීර දේශ සිමාවේ පකිස්ථානු හමුදාව විසින් එල්ල කරන අලද ෂෙල් වෙඩි ප්‍රහාර වලින් ඉන්දීය පරිපාලන කලාපයට අයත් 30 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය හමුදා තහවුරු කර තිබේ.

ප්‍රහාර සම්බන්ධයෙන් ඉන්දීය ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සඳහන් කර තිබුණේ, පසුගිය මාසයේ ඉන්දීය භූමියේ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම සඳහා පළිගැනීම සඳහා තම රජය සිය අයිතිය භාවිතා කළ බවයි.

මේ සම්බන්ධයෙන් අගමැති ෂරීෆ්ගේ සභාපතිත්වයෙන් යුත් පාකිස්තානයේ ජාතික ආරක්ෂක කමිටුව සඳහන් කර තිබුණේ, මනඃකල්පිත ත්‍රස්ත කඳවුරු පවතින බවට ව්‍යාජ මුවාවෙන් ඉන්දියාව මුස්ලිම් පල්ලි ඇතුළු සිවිල් යටිතල පහසුකම් හිතාමතාම ඉලක්ක කළ බවත්, සිය හමුදාව ඉන්දියානු ජෙට් යානා පහක් හා ඩ්‍රෝන යානයක් බිඳ හෙලු බවයි,

එක්සත් ජාතීන්ගේ සංවිධාය ඇතුළු ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය යන රටවල් සංයමයෙන් කටයුතු කරන ලෙස දෙපාර්ශවයෙන් ඉල්ලා ඇති අතරතානු මේවන විට කලාපය පුරා ගුවන් ගමන් කඩාකප්පල් වී ඇති අතර, වාණිජ ගුවන් සමාගම් පකිස්ථාන ගුවන් සීමාව මඟ හැරීම සඳහා මාර්ග වෙනස් කර ගමන් අවලංගු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...

අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW: 2024 වසරේ අල්ලස් ලබා...