අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් දෙකයි පනහෙන් පටන් අරන් මිලියනේ ගාවට ආවා – නාමල් (VIDEO)

කොළඹ LNW:අභියෝග රැසක් මැද ඒවාට සාර්ථකව මුහුණ දෙමින් කඳවුර ආරක්ෂා කර ගැනීම නිසා ප්‍රාදේශීය සභා 270කට අධික ප්‍රමාණයකට තරඟ කිරීමට පක්ෂයක් ඉතුරු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ 2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පක්ෂයක් ලෙස පසුගිය කාලය තුළ අඩුපාඩු හඳුනා ගෙන පක්ෂයක් ලෙස නවීකරණය වෙමින් අලුත් පරම්පරාවට ඔබින පක්ෂයක් ලෙස වෙනස් කළ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ අතර මාලිමාවට බහුතර අසන ප්‍රමාණයක් නොමැති සභාවල ස්ථාවර සභා පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාදාමය කෙසේ වන්නේද යන්න පිළිබඳව දේශපාලන මණ්ඩලය සමඟ සාකච්ජා කර තීරණයකට එළඹෙන බවයි නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...