අපි කිසිදු දේශපාලන පක්ෂයකට මුක්කු ගහන්නේ නෑ. තනිවම සර්ව ජන සභා පිහිටුවනවා – දිලිත්

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර පළාත් පාලන මැතිවරණයේදී තේරී පත්වූ සර්වජන බලයේ සභිකයින් ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවීම සඳහා කිසිදු දේශපාලන පක්ෂයක් සමග එක් නොවන බව එම පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

“සර්වජන බලය එවැනි තීරණයක් ගැනීමට කිසිදු සූදානමක් නෑ. අපි විශ්වාස කරනවා ලංකාවේ දැනට පවතින අනෙකුත් දේශපාලන ව්‍යාපාර සහ සංවිධාන, රටට අවශ්‍ය උන්නතියට අවශ්‍ය දර්ශනයක් තියෙන පක්ෂ නෙමෙයි. අපි ඔවුන්ව පවා උනන්දු කරවන්නේ මේ රට ඉදිරියට ගෙන යාමට පුළුවන් වුණ මෙන්න මේ වැඩපිළිවෙලට එකතු වෙන්න කියලා. මේ රටේ ව්‍යාජ දේශපාලනය, දූෂිත දේශපාලනය, පවුල් දේශපාලනය මේ සියල්ලෙන් ඔබ්බට ගියපු විශාල වැඩ පිළිවෙලකටයි අපි ඔවුන්ට ආරාධනා කර සිටින්නේ. ඉතින් එසේ නොමැති වෙන පටු දේශපාලන සාම්ප්‍රධායික වැඩකදී අපිට ගිහිල්ලා සභාවක් පිහිටුවන්න කොටස්කරුවෙක් වෙමින් සභාපති කෙනෙක් උප සභාපති කෙනෙක් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නෑ. අපි බලන්නේ රටේ උන්නතියට ප්‍රදේශයේ නගරයේ උන්නතියට අපිට කොහොමද දායක වෙන්න පුළුවන් අපිට මේ ලැබී ඇති තීරක බලය පාවිච්චි කරලා කියන එක. අපි මේ ඡන්දෙට අවේ ප්‍රාදේශීය සභා දිනීමෙන් ඔබ්බට ගියපු විශාල වැඩකට….. අපි නිෂ්චිත වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා සර්ව ජන සභා පිහිටුවන්න. එකට අපිට කාගෙවත් සහායක් අවශ්‍ය වන්නේ නෑ… අපි වෙනත් කිසිදු සම්ප්‍රදායික දේශපාලන පක්ෂයන් ඔය දැන් දේශපාලන පක්ෂ වගේ ඔබේ භාෂාවෙන් කිව්වොත් මුක්කු ගහන්න බලාපොරොත්තු වෙන්නේ නෑ…. “

දිලිත් ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...