පදම අහුවෙන කොට වැස්ස හරස් වෙයි

නිශ්මං රණසිංහ මැයි 09, කොළඹ LNW:

බංගලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර පැවති තරගාවලිය 3-2 ක් ලෙස ජය ගන්නට බංගලාදේශ කණ්ඩායමට හැකි වුණා. ඒ අවසාන තරගය දෙපිළටම විවෘතව තිබියදි වර්ෂාව නිසා ජය පරාජයෙන් තොරව නිමා වුණ නිසයි.තරගයේ විසඳුමකට යා හැකිව තිබුණා නම් ප්‍රතිපලය 4-2 ක් වෙන්න මෙන්ම 3-3 ක් ද විය හැකිව තිබුණා.


පළමු තරගය වර්ෂාව විසින් අඩාල කළ තරගයක් වුණා.එය ශ්‍රී ලංකාව ජය ගනු ලැබුවා.එතැන සිට තරග තුනක්ම ජය ගත්තේ බංගලාදේශ කණ්ඩායමයි.එහිදී බංගලාදේශ කණ්ඩායම මුල් පෙළ පිතිකරුවන් කිහිප දෙනෙකු මත යැපෙමින් ක්‍රීඩා කරන බව පැහැදිළි වුණා.මෙම සාර්ථකත්වය අඩාල කිරීමෙන් ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකි බව පෙනෙන්නට තිබුණත්,ඒ සඳහා සැළසුම් සකස් වුණේ පස්වන තරගයේදී යි.ඊට බෙහෙවින් බලපැවේ විරාන් චමුදිත සහ තරුෂ නවෝද්‍ය විසින් පන්දු යැවීමෙන් කළ හපන්කමයි.


අවසාන තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වන විටත් මේ තත්ත්වය දකින්නට ලැබුණා.බංගලාදේශයට කඩුලු 3 ක් ලකුණු 188 ට අහිමිව තිබුණා.එහිදී යවමින් සිටියේ 40 වන පන්දු ඕවරය වූ අතර එහි එක් පන්දුවක් යවා තිබුණා.එය බංගලාදේශ තරුණයන් ප්‍රහාරාත්මකව හැසිරුණ ආකාරය බලන විට යම් ආකාරයක යහපත් තත්ත්වයක් ශ්‍රී ලංකාව පැත්තෙන් දකින්නට ලැබුණ තත්ත්වයක් වුණා.


එහෙත් තරගය වර්ෂාව මත අවලංගු කර තීරණයක් නොමැතිව අවසන් කරද්දී නිමා වූ තරග අනුව ප්‍රතිපලය 3-2 ක් ලෙස බංගලාදේශයට වැඩි ගෞරව අත්වෙමින් නිමාව දුටුවා.මෙහීදී බංගලාදේශයේ සාර්ථකත්වය පිටුපස සිටියේ ද ලාංකිකයෙක් වූ අතර නවීඩ් නවාස් එම ගෞරවයේ හිමිකාරීත්වය දරමින් බංගලාදේශ 19 න් පහළ කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත පෙන්වන පුද්ගලයා බවට පත් වී තිබෙනවා.ඔහු අවුරුදු 19 න් පහළ ලෝක සූරතාවයද බංගලාදේශයට රැඟෙන එන්නට කටයුතු කළ පුද්ගලයායි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...