චමරිගේ බල ඇණියට දිරි දෙන්න හෙට එන්න – ඇතුල්වීම නොමිළේ

Date:

නිශ්මං රණසිංහ මැයි 10, කොළඹ LNW:

තුන්කොන් එක්දින තරගාවලියක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් අවසාන තරගයට ක්‍රීඩා කරන විචිත්‍ර අවස්ථාවක් හෙට (මැයි 11) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දැක ගන්නට අවස්ථාව ඇත.ඉතාම හොඳ මානසික මට්ටමක සහ දක්ෂතා අතර සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ විට ජයග්‍රහණයේ නියමු භූමිකාව සිඳු කරන චමරි අතපත්තු යම් පසුබැසීමක් පෙන් වුව ද,ඇය අවසාන වරට පැවති දකුණු අප්‍රිකානු තරගයේදී යළිත් ලකුණු අතරට ආවාය.එය කණ්ඩායමට ශක්තියකි.


ඉතාම හොඳ මට්ටමෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි පමණක් නොව,හර්ෂිතා,කවීශා,නිලක්ෂි පමණක් නොව නවක දෙව්මි ද තරගයක් කණපිට හැරවීමට හැකි අය බව ඔප්පු කරමින් ඇත.ඉන්දියාවට එරෙහිව සුගන්ධිකා කුමාරි සහ අනුශ්කා සංජීවනි ක්‍රියා කළ ආකාරයද පරාජය භාර ගැනීම වෙනුවට ජයග්‍රහණය වෙනුවෙන් සටන් කිරිමට ඇති සුවිශේෂී අරමුණ සාක්ෂාත් කිරීම වෙනුවෙන් සටන්කාමී වීමේ ගුණය මතු කර පෙන්වීමක්ය.


කණ්ඩායමක් හැටියට ශ්‍රී ලංකාව ඉන්දියාව අභිබවා යා හැකි සියලු ගුණාංග සහිතව සිටියි.ඔවුන් වෙනුවෙන් ක්‍රීකට්ලෝලී ලාංකිකයන්ට නොමිලේ විවරව පවතින ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණ ජයග්‍රහණයේ කොටස් කාරයන් වෙමින් දිරි ගන්වන්නට අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උදා කර දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...