ශාන්තට වාරණයක් ….

Date:

මම ජ.වි.පෙ. පූර්ණකාලින දේශපාලනයට එන විට මට යන්තම් අවුරුදු දාහතකි.. ශාන්ත පූර්ණ කාලීන දේශපාලනයට එනවිට එතරම්වත් වන්නට නැතුව ඇතැයි මම අනුමාන කරමි..

අසූඅට, අසූනමයේ ජ.වි.පෙ. දේශපාලනයේ ආන්දෝලනයට පත් දේශපාලන ක්‍රියාන්විතයන් බොහෝමයකද ඔහු සිටියේය.. ඔහු “පළමුව මව්බිම දෙවනුව අධ්‍යාපනය” යන පක්ෂයේ උපදෙස හිස් මුදුනෙන් පිළිගෙන ජ.වි.පෙ. දේශපාලනයට ආවෙකි..

අනූ තුනේ සිට පක්ෂය නැවත ආරම්බකිරීමේ කටයුත්තේදී ඒ සඳහා යොදාගත් පාගොඩ පාරේ බුලේගොඩගෙ නිවසේ කඩිසරව වැඩකරමින් යන එන්නන් පිළිගනිමින් යුහුසුළු වන තරුණයෙක් එහි විය.. ඔහු ශාන්තය. පක්ෂය දෙවනවර ගොඩ නැගීමේදි ශාන්ත එහි සුවිශේෂ චරිතයක් විය..

මේ කාලයේ කොළඹ ශාන්තව නොදන්නා කිසිවෙකු ජ.වි.පෙ. තුළ සිටියේ නැත..

ඔහුගේ දිවියද දුක් කම්කටුලු මැද මේදක්වාම දියවී ගියේ සටන්කාමි, නිර්බය අව්‍යාජ මාධ්‍ය බූමිකාවක් වෙනුවෙනි.. අසාධාරණයට එරෙහි ඕනෑම සටන් බිමක ඔහුගේ උද්වේගකර හඬ ඇසෙන්නට තිබිනි.. වතාවක් ඔහු රාජපක්ෂලාගෙන් බේරුනේ නේපාලයට පලායෑමෙනි..

නමුත් දෙවයේ සරදම නම් ඔහු දිවිහිමියෙන් ගොඩ නැංවූ දේශපාලන ව්‍යාපාරය රාජ්‍ය බලය ලබාගෙන පළවෙනියටම වාරණයට ලක්කල මාධ්‍යවේදියා ඔහුම වීමයි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

සංස්කාරක සටහන –

කැබිනට් තීරණ දැනුම් දීම සදහා මැයි 08 වනදා පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ පැවත්වෙන ප්‍රව‍ාත්තී සාකච්ජාවට සහභාගි විම සදහා එහි ගිය ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ ශාන්ත විජේසුරියට එම දෙපාර්මේන්තුව මගින් නිකුත් කරන ලද හැදුනුම්පත නැතැයි එම ප්‍රව‍ාත්තී සාකච්ජාවට සහභාගි වීමට ඉඩ දී තිබුණේ නැත. ශාන්ත විජේසූරිය සතුව ස්කයි නිව්ස් ආයතනයෙන් නිකුත් කළ හැඳුනුම්පතත් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය සමග සහයෝගීතාවයෙන් යුතුව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති හැඳුනුම්පතත් තිබියදී ඔහුව මෙසේ කැබිනට් මාධ්‍ය හමුවට සහභාගී වීමෙන් වළක්වා තිබුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසිනි. ඒ, කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්තී සාකච්ජාව සහභාගි වන මාධ්‍යවේදීන් හට රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුව මගින් නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කරන බවට පසුගිය දිනක ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස කළ ප්‍රකාශයක් අනුව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...