හොරු එක්ක තාම කිසිම ඩීල් එකක් ෆයිනලයිස් වෙලා නැහැ – චන්දිම වීරක්කොඩි

Date:

කොළඹ LNW:ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ශක්තිමත් කිරීම සඳහා යම් එකඟතාවන්ට පැමිණීමේදී ප්‍රජාතන්ත්‍රවාදිව පත්වෙච්ච කණ්ඩායම් එක්ක සාකච්ජා කිරීමේ වැරැද්දක් නැති බව මේ වන විට සමඟි ජන බලවේගය නියෝජනය කරන හිටපු ඇමතිවරයෙක් වූ චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

සාකච්ජා කර අවසන් තීරණයක් ගැනීමේදී එම කණ්ඩායම්වල පාතාලය නියෝජන කළ අය සිටිනවා නම් එවැනි අය සමඟ සම්බන්ධවීමේදී දෙපාරක් සිතන්නට සිදුවන බවයි හිටපු ඇමතිවරයා සඳහන් කරන්නේ.

”හොරු එක්ක තාම කිසිම ඩීල් එකක් ෆයිනලයිස් වෙලා නැහැ. සාකච්ජා කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා යම් එකඟතාවන්ට පැමිණීමේදී ප්‍රජාතන්ත්‍රවාදිව පත්වෙච්ච කණ්ඩායම් එක්ක සාකච්ජා කිරීමේ වැරද්දක් නැහැ. සාකච්ජා කරලා අවසන් තීරණය ගැනීමේදී එතන ඉන්නවා නම් ඔය කියපු විදිහට පාතාලේ කට්ටිය වගේ අය ඒ අයත් එක්ක සම්බන්ධ වීම ගැන මම හිතන්නේ දෙපාරක් හිතන්න ඕනේ. සාකච්ජා කරන්න පටන් ගත්ත ගමන්ම ඉන්නේ ඔකොම හොරු කියල හිතනවා නම් මේ රටේ මොකුත් කරන්න බෑනේ.” යනුවෙන් ඔහු තවදුරටත් පවසයි.

චන්දිම වීරක්කොඩි මහතා මෙම අදහස් දක්වා සිටියේ හොරු සමඟ ඩීල් දමා සභා පිහිටුවීමට උත්සහ කරන බවට පළව තිබෙන වාර්තා සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...