ගෝඨාගෝ ගම විරෝධතාවය සඳහා එල්ල වූ මැර ප්රහාරය හේතුවෙන් මේ වනවිට රටපුරා ජනතාව කුපිත වී සිටිනවා.
ඔවුන් පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ගේ ප්රාදේශීය නායකයන්ගේ නිවාස ගිනි තබමින්, දේපළවලට හානි කරමින් සිය විරෝධය පළ කරමින් සිටිනවා.
මේ වනවිට ජොන්ස්ටන් ප්රනාන්දු, නිමල් ලංසා, සනත් නිශාන්ත ඇතුළු මන්ත්රීවරුන් රැසකගේ නිවාසවලට ගිනි තබා තිබෙනවා.
පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුව ප්රදේශයේදී විරෝධතාකරුවන්ට හසු වූ අතර ඔහු සිය ආරක්ෂකයෙකුද සමග එම ස්ථානයෙන් පැනගොස් තිබිණි.
පසුව වෙඩි වැදී මියගිය මන්ත්රීවරයාගේ දේහය හමු වී තිබෙනවා.
UN