පාර්ලිමේන්තු ලොක්කන්ගේ ඉන්ධන දීමනා අඩුකෙරේ

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ඉහළ නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම්ට මින් ඉදිරියට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය මාසයකට ලීටර් 220 කට සීමාකර ඇත. එය අමාත්‍යාංශ ලේකම්වරයෙකුට ලැබෙන ඉන්ධන ප්‍රමාණය හා සමාන වේ. මීට පෙර පාර්ලිමේන්තු මහලේකම්ට සීමාවකින් තොරව ඉන්ධන ලබාදී තිබී ඇත.

මේ ආකාරයටම පාර්ලිමේන්තු නියෝජ්‍ය ලේකම්ට හිමි ඉන්ධන ප්‍රමාණය මාසයකට ලීටර් 165 දක්වාත්, සහකාර මහලේකම් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය මාසයකට ලීටර් 135ක් දක්වාත්, පාර්ලිමේන්තු මහලේකම්ගේ සම්බන්ධීකරණ ලේකම්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය මාසයකට ලීටර් 115ක් දක්වාත් අඩුකර ඇත.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ මැදිහත්වීම යටතේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ තීරණයක් අනුව මෙසේ ඉහත කී නිලධාරීන්ගේ ඉන්ධන දීමනා අඩුකිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...