අලදෙනියේදී තවත් බස් රථ අනතුරක්. 29 දෙනෙකු රෝහලට !

සටහන – රුවන් නෙළුගොල්ල

මහනුවර, අලදෙනිය, යටිහලගල ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ලිස්සා පහළට වැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

ඊයේ (මැයි 12) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර එයින් තුවාල ලැබූ 29 දෙනෙකු රෝහල්ගත කර ඇත.

කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ සිට වෙසක් බැලීම සඳහා පැමිණි පිරිසක් රැගත් කුඩා බස් රථයක් යටිහලගල ඔස්සේ අතුරුමාර්ගයක් හරහා කුරුණෑගල බලා ගමන් කරමින් සිටියදී රියදුරුට බසය පාලනය කරගැනීමට නොහැකිවී වංගුවකින් පහළට ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

තුවාල ලැබූ අය බරිගම, මහනුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...