කාලගුණය වෙනස් වෙයි – අද (13) නිවේදනය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (මැයි 13) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

එමෙන්ම අද දවසේ උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්ගමුව සමූපකාර ඡන්දයේ ජයග්‍රහණයත් ඒකාබද්ධ විපක්ෂයට

ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් තෝරා...

පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!