කාලගුණය වෙනස් වෙයි – අද (13) නිවේදනය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (මැයි 13) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

එමෙන්ම අද දවසේ උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් පෙත්සමක් විසිවෙයි!

කොළඹ LNW:හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීම...

නීතීඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ...

එජාපයේ තනතුරු වෙනසක්. හරීන්ටත් ලොකු පුටුවක්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙස හරීන්...

බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක නොවැම්බර්10, කොළඹ LNW : බස් රථයක් අඩි...