ලිබියාවේ ට්‍රිපොලිහි මිලීෂියා නායකයකු මරා දැමීමත් සමඟ දරුණු සටන්; හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(13)දිනයේ ලිබියාවේ ට්‍රිපොලිහි බලගතු මිලීෂියාවේ ප්‍රධානියා වන “ගෙනිවා” හෙවත් අබ්දෙල් ඝානි අල්-කික්ලි ඝාතනය කරීමත් සමඟ නගරයේ ප්‍රතිවාදී තුවක්කු කරුවන් අතර වෙඩි හුවමාරුවක් පවතින හෙයින් නගරය තුළ හදිසි අවස්ථාවක් ප්‍රක්ෂයට පත්කර අගුළුලා ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කර තිබේ.

අල්-කික්ලි අගනුවර වඩාත්ම බලගතු මිලීෂියා නායකයින්ගෙන් කෙනෙකු වූ අතර මෑතකදී මිස්රාටාට සම්බන්ධ කණ්ඩායම් ඇතුළු ප්‍රතිවාදී සන්නද්ධ කණ්ඩායම් සමඟ ආරවුල්වලට සම්බන්ධ වී සිටියේය.

ගැටුම් ආරම්භ වී ටික කලකට පසු නිවේදනයක් නිකුත් කරමින් ලිබියාවේ එක්සත් ජාතීන්ගේ සහායක මෙහෙයුම (UNSMIL) පැවසුවේ “ට්‍රිපොලි හි දිග හැරෙන ආරක්ෂක තත්ත්වය ගැන කනස්සල්ලට පත්ව සිටින බවත්, ජනාකීර්ණ සිවිල් ප්‍රදේශවල බර අවි සමඟ දැඩි සටන් ඇති බවත්” ය.

මේවන විට පාසල් වසා දමා ඇත, පදිංචිකරුවන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස දැනුම් දී ඇත.

2011 නෙටෝහි පිටුබලය මත ලිබියානු නායක මුවම්මර් ගඩාෆි මරා දැමීමත් සමඟ ලිබියාව අවුල් ජාලයකට ඇද වැටුණි. තෙල්වලින් පොහොසත් ජාතිය පසුගිය දශකයේ වැඩි කාලයක් පාලනය කර ඇත්තේ විදේශීය රජයන් ගණනාවක සහාය ඇතිව නැගෙනහිර සහ බටහිර ලිබියාවේ ප්‍රතිවාදී ආණ්ඩු විසිනි, ඒ සෑම එකක්ම සටන්කාමී කණ්ඩායම්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...