ජනපති ට්‍රම්ප් සිරියාවට එරෙහි සියලුම සම්බාධක ඉවත් කරන බවට ප්‍රතිඥා!

Date:

රෂිකා හෙන්නායක

අමෙරිකානු ජනාධිපතිවරයාගේ සෞදි අරාබි සංචාරයේ පළමු දිනයේදී, ජනධිපති ට්‍රම්ප් විසින් සිරියාවට එරෙහි සියලුම සම්බාධක ඉවත් කරන බවට ප්‍රතිඥා දී තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සෞදි අරාබියේ රියාද් අගනුවර පැවැත්වෙන සෞදි – අමෙරිකානු ආයෝජන සංසදයට සහභාගී වෙමින් අමෙරිකානු ජනධිපතිවරයා මේ බව පැවසු බවයි.

එමෙන්ම සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් මෙන්ම තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපතිවරයා එම තීරණය ගෙන තිබෙන බව ද වාර්තා වේ.

මෙම සතියේදී තුර්කියේදී අමෙරිකානු ජනධිපතිවරයා විසින් සිරියානු විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිත බවයි වාර්තා වන අතර,  සිරියාවේ අසාද් පාලනයෙන් පසුව රට ස්ථාවර කිරීමට සහ සාමය පවත්වා ගැනීමට බලාපොරොත්තු වන නව රජයක් සාර්ථක වනු ඇතැයි අපේක්ෂා කරන බවද , අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

අමෙරිකාවේ සම්බාධක සහන සිරියාවේ විදේශ අමාත්‍ය අසාද් අල්-ෂයිබානි විසින් පිළිගෙන තිබෙන බවද විදෙස් මධ්‍ය වාර්තා කරයි.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොලිවියාවේ ඉදිරි දේශපාලන වෙනසක් සිදුවේද? බොලිවියාවේ ජනාධිපතිවරණය ගැන නොදත් දේ..

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...