පොරොන්දු ඉටු කළ චීනය සහ ඇමරිකාව!

Date:

කොළඹ LNW:පසුගිය දා චීන-ඇමරිකා ආර්ථික සහ වෙළඳ සාකච්ඡා ජිනීවාහිදී පැවැත්වුණා. එහිදී දෙපාර්ශ්වයම පොදු එකඟතාවන්ට එළඹෙමින් ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කළා. ඊට අනුව ඊයේ(14) දිනට පෙර දෙපාර්ශ්වයම තීරුබදු තීරණ වෙනස් කළ යුතු බවයි සඳහන් වුණේ.

ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා වන නව තීරුබදු වෙනස් කරමින් චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම ඊයේ(14) නිවේදනයක් නිකුත් කළේ මේ සඳහා ප්‍රතිචාර දක්වමින්. එහිදී දින 90 ක මූලික කාලය සඳහා සියයට 24 ක ප්‍රතිශතය අත්හිටුවමින්, ඇමරිකානු නිෂ්පාදන සඳහා ඉතිරිව ඇති අතිරේක දැන්වීම් වටිනාකම් තීරුබදු අනුපාතය සියයට 10 ක් ලෙස රඳවා ගැනෙන බව සඳහන් කෙරුණා.

එමෙන්ම ඇමරිකාවේ සමාගම් 17 ක් විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට ඇතුළත් කිරීම අත්හිටුවමින් චීන වාණිජ අමාත්‍යංශය ද නිවේදනයක් නිකුත් කළා.

චීනය සමග පැවති සාකච්ඡාවේ තීරණ ක්‍රියාත්මක කරමින් අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමේ විධායක නියෝගය ඇමරිකාවේ ධවල මන්දිරය පසුගිය 12 වනදා නිකුත් කළා. ඊට අනුව ඇමරිකාව ඊයේ(14), චීන භාණ්ඩ සඳහා පැනවූ 91% ක තීරුබදු ඉවත් කර තිබෙනවා. එමෙන්ම පසුගිය අප්‍රේල් 2 වැනිදා පළ කළ අංක 14257 නියෝගයට අනුව චීන භාණ්ඩ සඳහා 34% ක අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කර, ඉන් 24% ක තීරුබදු දින 90කට අත්හිටුවා ඇති අතර ඉතිරි 10% ක තීරුබදු එලෙසම පවත්වාගෙන යනු ඇති බවයි වාර්තා වන්නේ.

‍ලොව ප්‍රධානම ආර්ථිකයන් අර්බුදයටකට නොගොස් කඩිනමින් තීරණයකට එළඹීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ද සිය සතුට පළ කර සිටිනවා.

වත්මන් ගෝලීය ආතතීන් මධ්‍යයේ, මෙම ප්‍රගතිය දෙරටට පමණක් නොව, වඩාත්ම අවදානමට ලක්විය හැකි ආර්ථිකයන් ඇතුළුව ලෝකයේ සෙසු රටවලට ද ඉතා වැදගත් වන බව ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය ද නිවේදනයක් සිදු කරමින් සඳහන් කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...