ජනාධිපති ට්‍රම්ප්ගේ මැද පෙරදිග සංචාරයේ අලුත්ම තතු ; ට්‍රම්ප් ඩොලර් බිලියන ගණනක ගනුදෙනු සමඟ සබඳතා ශක්තිමත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැදපෙරදිග සංචාරයේ දෙවන නැවතුමේදී කටාර්හිදී කටාර්හි එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි විසින් අති උත්කර්ෂවත්ව පිළිගෙන තිබේ.

මේ සමබන්ධයෙන් ධවල මන්දිරය වාර්තා කරන්නේ, ට්‍රම්ප් සහ කටාර්හි එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි අවම වශයෙන් ඩොලර් ට්‍රිලියන 1.2 ක් වටිනා ආර්ථික හුවමාරුවක් ජනනය කරන ගිවිසුම් අත්සන් කළ බවයි.

ඒ අනුව, මෙම සංචාරය තුලදී, ආයෝජන, ප්‍රවර්ධන හා කර්මාන්ත, තාක්ෂණික මෙන්ම ආරක්ෂක ගනුදෙනු සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කර ඇති අතර මෙම සංචාරය හරහා මැදපෙරදිග රාජකීය පවුල් සමඟ ට්‍රම්ප්ගේ පෞද්ගලික සබඳතා භාවිතා කරමින් ඇමරිකානු වෙළඳපොළෙන් ඩොලර් ට්‍රිලියන ගණනක් උපයා ගත හැකි බව විශ්වාස කරන අතර බොයිං 787 ඩ්‍රීම්ලයිනර් සහ 777X ගුවන් යානා 210 ක් දක්වා මිලදී ගැනීම සඳහා කටාර් එයාර්වේස් සමඟ ඩොලර් බිලියන 96 ක ගනුදෙනුවක් සිදුවී ඇත.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද-කටාර් ව්‍යාපාරික කවුන්සිලයේ (USQBC) කළමනාකාර අධ්‍යක්ෂිකා ෂෙයිකා මායස් අල් තානි සඳහන් කර තිබුණේ, මෙවැනි ඉහළ මට්ටමේ සංචාර එක්සත් ජනපද-කටාර් ආර්ථික සබඳතාවල වැදගත්කම අවධාරණය කරන අතර ගැඹුරු පෞද්ගලික අංශයේ සහභාගීත්වය, වෙළඳාම සහ ආයෝජන සඳහා හැකි පරිසරයක් නිර්මාණය කිරීමට උපකාරීවන බවයි.

ජනාධිපති ට්‍රම්ප් සිය මැද පෙරදිග සංචාරයේ අවසන් අදියර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පියාසර කිරීමට පෙර ගල්ෆ් රාජ්‍යයේ ස්ථානගත කර ඇති අල් උඩයිඩ් ගුවන් කඳවුර හෙවත් මැද පෙරදිග විශාලතම එක්සත් ජනපද හමුදා කඳවුර වෙත ගොස් සොල්දාදුවන් අමතමින් කටාර් සංචාරය අවසන් කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් නුවර -...

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...