දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයේ. සියලු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ

සටහන – රුවන් නෙළුගොල්ල

අද (මැයි 16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයක නිරත වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ, බඳවා ගැනීමේ ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

මේ හේතුවෙන් අද රාත්‍රී තැපැල් දුම්රිය සියල්ලම අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.