ජනමතය විකෘති වෙන තීන්දුවක් අපි ගන්නේ නැහැ.බහුතරයක් තියෙන තැනට අපේ සහය දෙනවා – නාමල් (VIDEO)

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී වෙනත් කිසිම පක්ෂයක් සමඟ සන්ධානගත වීමට තීරණය කර නොමැති අතර 50%ක් නොමැති තැන්වල බහුතර එකගතාව මත පත්වෙන නගරාධිපතිට සභාපතිට සහය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මේ වන විට විශේෂ අවධානයක් යොමුව තිබෙන කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී කොළඹ ජනතාවට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයට, ජන වරම විකෘති නොවන තීන්දුවක් ගැනීමට කටයුතු කරන බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ.

මෙම මැතිවරණ ක්‍රමය ගෙන එන විට අද මුහුණ දී සිටින ප්‍රශ්නය මතු වෙන බව පෙන්වා දුන්නද ආණ්ඩුවේ සහෝදරවරු එය නොඅසා දැන් කෑවා කෑවා කියා අඩන තත්ත්වයට පත්ව සිටින අතර දැන් කළ හැකි දෙයක් නැති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ මොහොතේ පක්ෂයක් ලෙස තම පාර්ශවයට කළ හැක්කේ කිසිම සභාවක් අස්ථාවර නොවන ආකාරයට පවත්වාගෙන යාමට සහය දීම බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...