ජනමතය විකෘති වෙන තීන්දුවක් අපි ගන්නේ නැහැ.බහුතරයක් තියෙන තැනට අපේ සහය දෙනවා – නාමල් (VIDEO)

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී වෙනත් කිසිම පක්ෂයක් සමඟ සන්ධානගත වීමට තීරණය කර නොමැති අතර 50%ක් නොමැති තැන්වල බහුතර එකගතාව මත පත්වෙන නගරාධිපතිට සභාපතිට සහය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මේ වන විට විශේෂ අවධානයක් යොමුව තිබෙන කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී කොළඹ ජනතාවට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයට, ජන වරම විකෘති නොවන තීන්දුවක් ගැනීමට කටයුතු කරන බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ.

මෙම මැතිවරණ ක්‍රමය ගෙන එන විට අද මුහුණ දී සිටින ප්‍රශ්නය මතු වෙන බව පෙන්වා දුන්නද ආණ්ඩුවේ සහෝදරවරු එය නොඅසා දැන් කෑවා කෑවා කියා අඩන තත්ත්වයට පත්ව සිටින අතර දැන් කළ හැකි දෙයක් නැති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ මොහොතේ පක්ෂයක් ලෙස තම පාර්ශවයට කළ හැක්කේ කිසිම සභාවක් අස්ථාවර නොවන ආකාරයට පවත්වාගෙන යාමට සහය දීම බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...