දුම්රිය වැඩ වර්ජනයත් එක්ක අකාර්යක්ෂම රජයේ නිලධාරීන්ට ආණ්ඩුවෙන් රතු එළි!

Date:

කොළඹ LNW:දුම්රිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ය පිටුපස ඇති අකාර්යක්ෂම පරිපාලනය පිළිබදව කඩිනම් ක්‍රියාමාර්ග යන්නා බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහත පවසයි.

කොළඹ LNW:දුම්රිය ස්ථානාධිපති වර්ජනයට හේතුවන කාරණා මාස දෙකක් තුළදී සම්පූර්ණයෙන් නිරාකරණය කරන බව ප්‍රතාශ කර තිබියදී වර්ජනයක් කරා ගැටලුව යොමු කිරීමට හේතුවූ දුම්රිය පරිපාලනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

වර්ෂ හයක කාලයක් තිස්සේ නොවිසදුණු දුම්රිය ස්ථානාධිපති ගැටලුව සම්බන්ධයෙන් ස්ථිර විසදුම් ලබාදීම සඳහා ඉකුත් අප්‍රේල් මසදී තමන් සාකච්ඡා කළ නමුත් දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක් කරා යොමුවී ඇත්තේ සිය වෘත්තිය අරගලය සාර්ථක යැයි පෙන්වීමට විය යුතු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

දුම්රිය වර්ජනය හේතුවෙන් ගමනාගමන ඇණහිට ඇති මහනුවර දුම්රිය ස්ථානයේ අද (17) නිරීක්ෂණයකට එක්වෙමින් නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව කීවේය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තිය ගැටලු මෙන්ම සමස්ථ දුම්රිය පද්ධතිය කාර්යක්ෂම කිරීමේදී දුම්රිය පාරිපාලනය ගැටලුවක් වී ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. නව රජය බලයට පත්ව මාස හයක කාලයක් ගතවී ඇති අවස්ථාවක ගතවූ මාස කිහිපය තුළ මෙවැනි අකාර්යක්ෂම නිලධාරීන් සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වූ බවත් ආරම්භ අවදියේදී රජය සමග වඩාගෙන යාමට සිදුවූ රජයේ නිලධාරීන් බිමට දැමීමේ අවස්ථාව දැන් උදාවී ඇතැයි කීවේය.

ජනතා හිතවාදී ආණ්ඩුවක ගමන් මගේදී වඩාගෙන යාමට සිදුවන රජයේ නිලධාරීන්ගෙන් කිසිදු සෙතක් නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා කාර්යක්ෂම සේවයක් සිදු කළ නොහැකි නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනිමට සිදුවන බව ද පැවසුවේය.

ස්ථානාධිපති වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වී ඇති බවත් ධාවනය වන දුම්රියට පවා ගමනාගමනයේදී විවිධ බාධක එල්ලවන බව ඒ මහතා පැවසුවේය. මගී ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා හැකි උපරිම අයුරින් අමතර බස් රථ යෙදවීමට කටයුතු යොදා ඇතැයි ද ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තව දුරටත් පැවසුවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...