යුක්රේන සටන් විරාම යෝජනාව සහ වෙළඳාම පිළිබඳව ට්‍රම්ප් හා පුටින් අතර සාකච්ජා

සටහන: සශිකලා මධුෂාණි
මැයි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පදනම් විරහිත කුමන්ත්‍රණ න්‍යායන් සහ ලේ වැගිරීම් යුද්ධය නැවැත්වීමට උත්සාහයක් ලෙස තමා ව්ලැඩිමීර් පුටින් සහ වොලොඩිමියර් සෙලෙන්ස්කි යන දෙදෙනාටම කතා කිරීමට නියමිත බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් රුසියානු ප්‍රවෘත්ති ඒජන්සියකට තහවුරු කර තිබුණේ, එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් අතර ඇමතුමක් සඳහා සූදානම් වෙමින් පවතින බවයි.

රුසියානු ජනාධිපතිවරයා සමඟ ඇමතුමෙන් අනතුරුව යුක්රේන යුද්ධය අවසන් කිරීමේ එක්සත් ජනපද උත්සාහයේ කොටසක් ලෙස ජනාධිපති ට්‍රම්ප් යුක්රේනයේ නායක සෙලෙන්ස්කි සහ නේටෝ නායකයින් සමඟ වෙනම සංවාදයක් පැවැත්වීමට නියමිත වේ.

කෙසේ නමුත් පසුගිය දින කිහිපය පුරා යුක්රේන යුද්ධය නිමා කිරීම වෙනුවෙන් රුසියානු හා යුක්රේන නිලධාරීන් එක්ව ඉස්තාන්බුල්හිදී සාකච්ජා ආරම්භ කළ නමුත් එය ඵල රහිතව අවසන් වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...