මෙගා හීන ….

Date:

යම් ධනයක් උපයාගත්ත මිනිහෙක්ට ලෝකේ යන්න පුළුවන් ඉහලම වර්ගයේ සිහිනයක් තමයි රෝල්ස් රොයිස් එකක් ගන්නවා කියන එක. ඒක බ්‍රිතාන්‍ය රජ පවුලේ ඉඳල ෂාරුක් ඛාන් දක්වා දිවෙන අතිශයින් සුඛෝපභෝගී කාර් එකක් පිළිබඳ සංකේතයක්. කාර් එකක් කිව්වට කාර් එකක්මත් නෙවෙයි. කාර් එකකට වඩා වැඩි යමක්.

ලංකාවට එකක් ගෙනාවා කියන ආරංචියට රෝලිස් රොයිස් වෙබ් එකට ගියා. ෆැන්ටම් කාර් එකේ රූපයයි අර RR ට්‍රේඩ් මාක් එකයි දැක්කම ඇති. බඩ පිරෙනවා. ඔන්න කරනවා නම් වැඩ.

ලංකාවේ මිනිහෙක්ට පුළුවන් වෙනවා මෑත කාලයේ, විශේෂයෙන් තීරුබදු නප්පියට නැගල තියන වෙලාවෙත්, මේ ජාතියේ වන්ඩියක් ගෙන්වන්න. ඇත්තටම වන්ඩියක් කියන්න හොඳ නැහැ. පට්ටම කාර් එකක්.

සමහරු කියනවා ඒක යන්නේ පොළොන්නරුවට කියලත්. ඒක තවත් හොඳයි. සාමාන්‍ය පවුලක ඉපදිච්ච මිනිහෙක් ලෝකේ මිලාධිකම කාර් එකට යන්න තරම් ලොකු හීනයක් තියනවා කියන්නෙම ලොකු දෙයක්.

ඇත්තටම මේ රටට ඕනි ලොකු හීන තියන මිනිස්සු. මෙගා හීන. හැබැයි අපේ අවාසනාවට දැන් ඉන්නේ සිල්ලර දෙවිවරු!

කොළඹින් ඈත පොළොන්නරුවේ එහෙම එක මිනිහෙක් ඒ වගේ සිහිනයක් අත්පත් කරගත්ත කියන්නේ තවත් මිනිස්සු ඒ වගේ ලොකු සිහින අත්පත් කරගන්න කල්පනා කරයි. ඒ වගේ අර්චන සිහින වලට වෛර නොකර ඒවා මහන්සි වුනොත් අත්පත් කරගත හැකි දේවල් හැටියට කල්පනා කරයි.

රෝල්ස් රොයිස් එකක් ගන්න බැරි වුණොත් BMW එකක් හරි ගනී…

සතුටුයි !

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...