හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේදීගැටී නිරිතදිග ෆින්ලන්තයේ 5ක් මරුට!

Date:

රෂිකා හෙන්නායක මැයි 18, කොළඹ LNW :

නිරිතදිග ෆින්ලන්තයේ හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේදී එකිනෙක ගැටීමෙන් පස් දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, අදාළ යානා දෙක ගුවනේදී ගැටීමෙන් අනතුරුව නිරිතදිග ෆින්ලන්තයේ, යුරා ගුවන්තොටුපළ අසල වනාන්තර ප්‍රදේශයකට වැටී ඇති බවයි.

එරට පොලීසිය සඳහන් කරන්නේ කෞට්ටුවා නගරය අසලදී දහවල් 12.00ට පමණ එම ගුවන් අනතුර සිදුව ඇති බවයි. 

එස්තෝනියාවේ අගනුවර වන ටැලින් සිට හෙලිකොප්ටර් යානා දෙකම එකම වේලාවක ගුවන් ගත වී ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ,  එක් හෙලිකොප්ටරයක පුද්ගලයින් දෙදෙනෙකු සහ අනෙක් හෙලිකොප්ටරයේ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇත බවයි

අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානා දෙකෙන් එකක් එස්තෝනියාවේ සහ අනෙක ඔස්ටි්‍රයාවේ ලියාපදිංචි කර ඇති අතර ඒවායේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ගමන් ගොස් ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අනතුරට හේතුව සහ මියගිය අයගේ අනන්‍යතාවයන් පිළිබඳව වැඩිදුර විමර්ශන එරට බලධාරීන් විසින් සිදු කරනු ලබන බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන...

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...