හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේදීගැටී නිරිතදිග ෆින්ලන්තයේ 5ක් මරුට!

Date:

රෂිකා හෙන්නායක මැයි 18, කොළඹ LNW :

නිරිතදිග ෆින්ලන්තයේ හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේදී එකිනෙක ගැටීමෙන් පස් දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, අදාළ යානා දෙක ගුවනේදී ගැටීමෙන් අනතුරුව නිරිතදිග ෆින්ලන්තයේ, යුරා ගුවන්තොටුපළ අසල වනාන්තර ප්‍රදේශයකට වැටී ඇති බවයි.

එරට පොලීසිය සඳහන් කරන්නේ කෞට්ටුවා නගරය අසලදී දහවල් 12.00ට පමණ එම ගුවන් අනතුර සිදුව ඇති බවයි. 

එස්තෝනියාවේ අගනුවර වන ටැලින් සිට හෙලිකොප්ටර් යානා දෙකම එකම වේලාවක ගුවන් ගත වී ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ,  එක් හෙලිකොප්ටරයක පුද්ගලයින් දෙදෙනෙකු සහ අනෙක් හෙලිකොප්ටරයේ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇත බවයි

අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානා දෙකෙන් එකක් එස්තෝනියාවේ සහ අනෙක ඔස්ටි්‍රයාවේ ලියාපදිංචි කර ඇති අතර ඒවායේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ගමන් ගොස් ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අනතුරට හේතුව සහ මියගිය අයගේ අනන්‍යතාවයන් පිළිබඳව වැඩිදුර විමර්ශන එරට බලධාරීන් විසින් සිදු කරනු ලබන බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...

ජනතාව ඉන්ධන රැස්කිරීම වැළැක්වීමට පොලිසියෙන් පියවර!

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග පවතින අර්බුදකාරී...

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...