පාකිස්ථානයේ කාර් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයන් සිවු දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
මැයි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිරිතදිග පාකිස්ථානයේ බලුකිස්තාන පළාතේ නගරයක් වන කිල්ලා අබ්දුල්ලා හි වෙළඳපොළක් අසල කාර් බෝම්බයක් පිපිරීයාම හේතුවෙන් සිවිල් වැසියන් සිවු දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැති අතර විමර්ශන කටයුතු සිදුවෙමින් පවතියි.

බලුකිස්තානය දිගු කලක් තිස්සේ ප්‍රචණ්ඩත්වයෙන් පීඩා විඳි අතර, 2021 දී කාබුල්හි තලේබාන්වරු නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයට මායිම්ව ඇති එහි ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වයේ තියුණු වැඩිවීමක් සිදුව තිබේ.
2019 දී එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස නම් කරන ලද බලුකිස්තාන විමුක්ති හමුදාව (BLA) ඇතුළු බෙදුම්වාදී කණ්ඩායම් ගණනාවක් මෙම කලාපයේ සංවිධානය වී සිට ප්‍රහාර එල්ල කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...