ශ්‍රී ලංකාවේ ප්‍රථම මී මැසි උද්‍යානය ඇරඹෙයි!

රෂිකා හෙන්නායක මැයි 20, කොළඹ LNW :

බිංගිරිය දේවගිරි රජමහා විහාරාධිකාරි රාජකීය පණ්ඩිත පූජ්‍ය පඩිවෙල සෝරත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් , ශ්‍රී ලංකාවේ ප්‍රථම මී මැසි උද්‍යානය බිංගිරිය, විහාරගම BLESS Nature Park හිදී ( බිංගිරිය දේවගිරි රජමහා විහාරය අසල ) විවෘත කෙරුණ බව වාර්තා වේ.

මී මැසි උද්‍යානයේ ප්‍රධාන අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ මී පැණි අවශ්‍යතාවය සඳහා දැනට විදෙස් රටවලින් පවා  මීපැණි මෙරටට ගෙන්වන අතර ශ්‍රී ලංකාව මී පැණිවලින් ස්වංපෝෂිත කිරීමයි. 

බිංගිරිය මී මැසි පාලන උද්‍යානය අනාගතයේදී ශ්‍රී ලංකාවේ ආධුනික සහ ප්‍රවීණ මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව ලබා දෙනු ඇත. 

එමෙන්ම ආධුනික මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව, තාක්ෂණික උපකරණ, ලිපි ලේඛන, පොත්පත් සියල්ලම මෙම ස්ථානයේදී ලබා ගැනීමට හැකියාව පවතී.  මෙහි ප්‍රථම අදියර යටතේ වනාන්තරය පුරා ශාකවල මැටි කලගෙඩි රඳවන අතර එම කලගෙඩිවලට පැමිණෙන මී මැස්සන් පෙටිට් ගත කිරීම දෙවන පියවර වනවා.

තුන්වන පියවර ලෙස මී මැස්සන් බෝ කිරීම හා සංරක්ෂණය කිරීම සිදු කෙරේ.

අනාගතයේදී ඒ අනුව බිංගිරිය මී මැසි පාලන උද්‍යානය දෙස් විදෙස් සංචාරක තෝතැන්නක් වනු ඇතයි කාගෙත් විශ්වාසයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CNN, MS NOW සහ Politico ට්‍රම්ප්ගේ ධවල මන්දිර තහනමට එරෙහිව නඩු පවරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ක්‍රිකට් කීඩාවේ වත්මන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : තේරී පත් වූ...

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියේ 2026-2028 සැලැස්ම එළිදක්වයි!

කොළඹ LNW:සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය...

විදුලි බිල්පත් සහන සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW : ඉදිරිපත් කෙරේ...