ශ්‍රී ලංකාවේ ප්‍රථම මී මැසි උද්‍යානය ඇරඹෙයි!

Date:

රෂිකා හෙන්නායක මැයි 20, කොළඹ LNW :

බිංගිරිය දේවගිරි රජමහා විහාරාධිකාරි රාජකීය පණ්ඩිත පූජ්‍ය පඩිවෙල සෝරත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් , ශ්‍රී ලංකාවේ ප්‍රථම මී මැසි උද්‍යානය බිංගිරිය, විහාරගම BLESS Nature Park හිදී ( බිංගිරිය දේවගිරි රජමහා විහාරය අසල ) විවෘත කෙරුණ බව වාර්තා වේ.

මී මැසි උද්‍යානයේ ප්‍රධාන අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ මී පැණි අවශ්‍යතාවය සඳහා දැනට විදෙස් රටවලින් පවා  මීපැණි මෙරටට ගෙන්වන අතර ශ්‍රී ලංකාව මී පැණිවලින් ස්වංපෝෂිත කිරීමයි. 

බිංගිරිය මී මැසි පාලන උද්‍යානය අනාගතයේදී ශ්‍රී ලංකාවේ ආධුනික සහ ප්‍රවීණ මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව ලබා දෙනු ඇත. 

එමෙන්ම ආධුනික මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව, තාක්ෂණික උපකරණ, ලිපි ලේඛන, පොත්පත් සියල්ලම මෙම ස්ථානයේදී ලබා ගැනීමට හැකියාව පවතී.  මෙහි ප්‍රථම අදියර යටතේ වනාන්තරය පුරා ශාකවල මැටි කලගෙඩි රඳවන අතර එම කලගෙඩිවලට පැමිණෙන මී මැස්සන් පෙටිට් ගත කිරීම දෙවන පියවර වනවා.

තුන්වන පියවර ලෙස මී මැස්සන් බෝ කිරීම හා සංරක්ෂණය කිරීම සිදු කෙරේ.

අනාගතයේදී ඒ අනුව බිංගිරිය මී මැසි පාලන උද්‍යානය දෙස් විදෙස් සංචාරක තෝතැන්නක් වනු ඇතයි කාගෙත් විශ්වාසයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...