එකට ඉඳන් දානේවත් කන්න බැරි අයට අපේ සහය නැහැ – කොළඹ ස්වාධීන කණ්ඩායම්වල සහය මාලිමාවට (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කොළඹට තරඟ වැදුණු ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශව අතර සාකච්ජාවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විය.

එහිදී පළාත් පාලන ආයතන අකර්මණ්‍ය නොකර පවත්වාගෙන යාම වෙනුවෙන් ආණ්ඩුවට සහය දීමට තීරණය කළ බවයි එම කණ්ඩායම් නියෝජිතයින් මාධ්‍ය වෙත පැවසුවේ.

ආන්දුව් සමඟ මුදල් ගණුදෙනු සිදුකරන බවට විපක්ෂයේ කණ්ඩායම චෝදනා කළද එවැනි කිසිම අකටයුතු දෙයක් සිදුනොවන අතර අවශ්‍ය වන්නේ ජනතාවට සේවයක් කිරීම නිසා මේ මොහොතේ සිය සහය ආණ්ඩුවට ලබාදෙන බවටයි ඔවුන් පැවසුවේ.

විපක්ෂය නියෝජනය කරන සමඟි ජන බලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යව ඇත්තේ සභා පවත්වාගෙන යාම නොවන ඔවුන් දෙපාර්ශවයට එක්වීමට අවස්ථාවක් ඇති කරගැනීම වන බවද ඔවුන් සඳහන් කරන ලදී.

ස්වාධීන කණ්ඩායම් ලෙස කොළඹ නගරය තුළ සංවර්ධන කටයුතු සිදුකිරීමේදී සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ ගැන යෝජනා ජනාධිපතිවරයා වෙත ලබාදුන් බවත් ඒවාට සාධනීය ප්‍රතිචාර ලැබුණු බවත් ඔවුන් තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ පක්ෂයට රුසියානු පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතර බලයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: රුසියානු ජනාධිපති ව්ලැදිමීර්...

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...