තුසිත හල්ලොලුව සමඟ ගමන්ගත් නීතීඥවරයාගේ ජංගම දුරකථන විර්මශනයට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ලිපියක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 20, කොළඹ LNW :

තුසිත හල්ලොලුව මහතා සමග ජනාධිපති නීතීඥ නීති උපදේශන සේවාවකට සහභාගීවී නැවත පැමිණීමේදී නාරාහෙන්පිට වට රවුම අසලදී ගමන් කළ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ගමන් ගත් නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ මහතාගේ ජංගම දුරකථනය  ලබා දෙන ලෙස  කොළඹ අපරාධ කොට්ඨාශය වාචිකව දැනුම් දී තිබෙන අතර, මේ සම්බන්ධයෙන් නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ මහතා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ලිපියක් යොමු කර තිබෙන බව වාර්තා වේ.

එම ලිපියෙන් දක්වා ඇත්තේ තමාගේ සියළු සේවාදායක ලිපි ගොනු විස්තරද එම දුරකථනයේ ගබඩා වී ඇති බැවින්, නීතීඥවරයෙකු ලෙස තමාගේ වෘත්තීමය වගකීම සහ අයිතිය අනුව එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම තමාගේ වගකීමක් බවයි .

තවද එකී තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වන සහ ඒ බව තමාහටත් සහතික වන පරිදි සහ තමා විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමට නියමිත නඩුකරය විසින් නියම කරන මගපෙන්වීම් අනුව කටයුතු කිරීමට බැදී සිටින බව ඔහු සඳහන් කර ඇත.

එම ලිපිය පහතින් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...