ඉදිරි පැය 48 තුළ ගාසා තීරයේ ළදරුවන් 14,000 ක් මිය යා හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉදිරි පැය 48 තුළ ආධාර නොලැබීයන්නේ නම් ගාසා තීරයේ ළදරුවන් 14,000 ක් මිය යා හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මනුෂිය ප්‍රධානී ටොම් ෆ්ලෙචර් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, ළදරු ආහාර සහ පෝෂණය අඩංගු ආධාර ලොරි වලට ගාසා තිරයට ඇතුළු වීමට ඊශ්‍රායලය විසින් සිමා කිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිවිය හැකි බවයි.

ඊශ්‍රායලය පලස්තීන වැසියන්ට අමානුෂිකව මිලිටරි ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් මේ වන විට එක්සත් රාජධානිය, ප්‍රංශය හා කැනඩාව ඊශ්‍රායලය වෙත අනතුරු අඟවා ඇති අතර ඉදිරියේදී එන සාගතයක් පිළිබඳ ජාත්‍යන්තර පීඩනය හේතුවෙන් මේ වන විට ඊශ්‍රයල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සති 11ක ආධාර අවහිරය ලිහිල් කරන බවට නිවේදනය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටාෂියා – ඇමෙරිකාව දිනූ පදක්කම් තුනෙන් දෙකකම ලාංකේය සුවඳ තවරයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: පෑන් ඇමෙරිකානු යොවුන් තරගාවලිය පැරගුවේ...

ක්‍රීඩා අමාත්‍යංශයට අවදි වෙනවානම් කෙන් හාර්ඩ්න්ගේ මේ අදහස් මරු

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: මේ සටහන සමාජ මාධ්‍ය හරහා...

සිම්බාබ්වේට මුහුණ දෙන එක්දින කණ්ඩායම පිටත්ව යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක්...

සොබාදහම වෙනස් ඇහැකින් දකින්නවුන් වෙනුවෙන් “Edition Hope”!

සටහන – පුලී අගෝස්තු 23, කොළඹ (LNW): පසුගිය වසර පහ...