සුපර්ලීග් තරගවලට ගිය හමුදා කණ්ඩායම් ගාල්ලේ හිරවෙලා

Date:

මංචි අනුග්‍රහයෙන් පැවත්වෙන සුපර්ලීග් තරගාවලිය සඳහා සහභාගි විමට ගිය ත්‍රිවිධ හමුදාවේ කාන්තා හා පිරිමි කණ්ඩායම් පවතින තත්ත්වය තුළ තරඟ නොපැවත්වෙන බැවින් ඒ අවට හමුදා කඳවුරුවලට සිරිවි සිටින බව වාර්තා වෙනවා.මීට පෙර ද මෙම තරගාවලිය අප්‍රේල් 17 පැවත්වීමට උත්සාහ කළත් එය ද රටේ වාතාවරණය නිසා අසාර්ථක වී ඇත.එවැනි අත්දැකීමක් තිබියදී යළිත් මැයි 7 වන දා තරගාවලිය පැවත්වීමට තීරණය කළ අතර එයද අතරමඟ නැවති ඇති අතර එසේ තිබියදී නැවත මේ මස 7 වන දින කැඳ වූ තරගාවලිය මේ වන විට යළිත් නවතා දමා ඇත.

කණ්ඩායම් අටක් පමණක් සහභාගිවන මෙම තරගාවලියේ සෙසු කණ්ඩායම් මේ වන විට ගාල්ලෙන් ඉවත්ව ඇතත් තවමත් ත්‍රිවිධ හමුදාවට අයත් කණ්ඩායම් කඳවුරුවල රඳවාගෙන ඇත.පොලිස් කණ්ඩායමද ගාල්ලෙන් නික්ම එද්දී ජනතාවගේ විරෝධතාවයක් එල්ල වී තිබෙන බව වාර්තා වන අතර මේ තත්ත්වය මත වැරදි වේලාවක තරගාවලිය පැවත්විමට ගත් තීරණයෙන් ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල දුෂ්කරතාවයකට මුහුණ දි ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...