ලුණු නැවක් මෙරටට ළඟා වෙයි!

රෂිකා හෙන්නායක මැයි 23, කොළඹ LNW :

අද (24) දින ලංකා ලුණු සමාගම ඇණවුම් කළ ලුණු තොගයක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ. 

ලංකා ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා පැවසුවේ ඉන්දියාවේ සිට ලුණු මෙටි්‍රක් ටොන් 2,800ක් රැගත් නෞකාවක් එලෙස කොළඹ වරායට ළඟා වීමට නියමිත බවයි. 

ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා පැවසුවේ,  මෙම නෞකාව පසුගිය බදාදා දිනයේ කොළඹ වරායට ළඟා වීමට නියමිත තිබුණ ද කාලගුණ ගැටලු සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් එය අද රාත්‍රිය තෙක් ප්‍රමාද වූ බවයි.

ලුණු මෙටි්‍රක් ටොන් 20,000ක් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වීමට ලංකා ලුණු සමාගම විසින් ඇනවුම් කර ඇති අතර ඉතිරි ලුණු තොග රැගත් නෞකාවද ඉදිරි දිනවල මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිට ඇත.

මේ අතර පෞද්ගලික ආයතන මගින් ගෙන් වූ ලුණු තොග ඉකුත් දිනවලදී මෙරටට ලැබී තිබුණි .

ඊයේ (22) එම ලුණු තොග ඊයේ දින සිට වරායෙන් මුදාහැරීම කටයුතු කර ඇති බව සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.