පහුගිය ආණ්ඩු ගහල තියෙන ගේම කොහොමද? රටේ මුදල් ට්‍රිලියන 20ක් ආගිය අතක් නෑ (VIDEO)

Date:

කොළඹ LNW:රජය සතු රුපියල් ට්‍රිලියන 20කට වැඩි මුදලක් ආගිය අතක් නොමැති බවට විගණකාධිපති වාර්තා අනුව අනාවරණය වී ඇතැයි මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒආ නුව පසුගිය ආණ්ඩු සමයන්හිදී කළමනාකරණයකින් තොරව කටයුතු කර ඇති අන්දම එමඟින් හෙළි වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

එම ට්‍රිලියන 20කට වැඩි මුදල් ගැන කිසිදු සඳහනක් නොමැති බව සූරියප්පෙරුම මහතා පැවසූ අතර ඊට අදාළ ඇතැම් තොරතුරු සොයා ගැනීම සඳහා දශක ගණනාවක් ඉතිහාසයට යාමට සිදුව ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් එම තොරතුරු සොයා ගැනීම සඳහා සුදුසු පාර්ශව සම්බන්ධ කරගනිමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් තිබෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!

කොළඹ LNW:කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වනවිට...

රනිල් අධිකරණයට රැගෙන නොයාමට තීරණයක්: ‘සූම් ඔස්සේ සම්බන්ධ කර ගැනීමට පියවර’

රාජ්‍ය මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ...

රජය විසින් ගත් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: රජය විසින්, පළාත් පාලන...

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...