STF සහ බූරු මුණා අතර බූස්සේ ඇතිවූ ගැටුම ගැන විමර්ශන දෙකක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 25, කොළඹ LNW :


සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රවිඳු සංඛ ද සිල්වා හෙවත් “බූරු මූණා” සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කිහිපදෙනෙකු අතර බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේදී ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශන දෙකක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඉන් එක් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසිනි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ එම විමර්ශනය ජේලර්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බවයි . 

එම සිද්ධියට මුහුණ දුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව අනෙක් විමර්ශනය පොලීසිය විසින් සිදු කරනු ලබයි.

බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටි බූරු මූණා බන්ධනාගාර පරිපාලන ගොඩනැගිල්ලට ගෙන ඒමට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පරික්‍ෂා කර තිබෙන බව වාර්තා වේ. 

එහිදී ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බවයි වාර්තා වුණේ. 

පහරකෑමට ලක්වූ බව කියන බූරු මූණා තුවාල ලබා ගාල්ල ජාතික රොහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී පහර කෑ බව කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකුද රෝහල්ගත කළ බව වාර්තා වේ.

බූරු මූණා එලෙස බන්ධනාගාර පරිපාලන ගොඩනැගිල්ල වෙත රැගෙන විත් තිබුණේ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සඳහා ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ කරවීමට බවයි
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...