ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති ප්‍රෝඩාව එපා – රජයේ මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහි විරෝධතාවක්! (PHOTO STORY)

Date:

කොළඹ LNW:මාධ්‍යවේදීන්ට රජයේ මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහිව අද (27) ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විය.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ,මාධ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් එම විරෝධතාව සංවිධානය කර තිබුණි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන මාධ්‍ය හැදුනුම්පත සහිත මාධ්‍යවේදීන්ට පමණක් බව විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශ කළ අතර එම තත්ත්වය මත එතෙක් එම මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුටම මේ වන විට එම අවස්ථාව අහිමි වී තිබේ.

කෙසේවෙතත් ඔවුන්ට ආයතනික මෙන්ම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය හැදුනුම්පත් තිබියදී රජය උක්ත තීරණය ගැනීම තුළ ඇත්තේ මාධ්‍ය මර්දනයක් බව විරෝධතාවට එක්වූවෝ අවධාරණය කළහ.

ඒ අනුව රජයේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ප්‍රෝඩාවක් බවද ඔවුන් පෙන්වා දෙයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක්…?

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක...

ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් යළි ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ IMF ඇගයුමට!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම...