ප්‍රිමියර් ලීග් ජයග්‍රාහී පෙළපාළියට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් 50 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණි
මැයි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ ලිවර්පුල්හි ප්‍රිමියර් ලීග් ජයග්‍රාහී පෙළපාළිය අතරතුර මෝටර් රථයක් සමූහයක් වෙතට කඩා වැදීමෙන් ළමුන් හතර දෙනෙකු ඇතුළුව 50 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

වාහනයේ රියදුරු යැයි විශ්වාස කෙරෙන 53 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ සමාජ මාධ්‍යවල බෙදාගත් වීඩියෝවලින් පෙන්නුම් කර ඇත්තේ වාහනය සෙනඟක් මැදින් ධාවනය වන ආකාරය සහ මිනිසුන් විසිරී යන ආකාරයයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කියර් ස්ටාමා සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, ලිවර්පූල් හි අනතුරට ලක්වූ සියලු දෙනා වෙනුවෙන් තමා කණගාටුවට පත් වන බවත්, මෙම කම්පන සහගත සිදුවීමට ඔවුන්ගේ කඩිනම් සහ අඛණ්ඩ ප්‍රතිචාරය සඳහා පොලිසියට සහ හදිසි සේවාවලට ස්තූතිවන්ත වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...