ප්‍රිමියර් ලීග් ජයග්‍රාහී පෙළපාළියට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් 50 දෙනෙකුට තුවාල

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ ලිවර්පුල්හි ප්‍රිමියර් ලීග් ජයග්‍රාහී පෙළපාළිය අතරතුර මෝටර් රථයක් සමූහයක් වෙතට කඩා වැදීමෙන් ළමුන් හතර දෙනෙකු ඇතුළුව 50 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

වාහනයේ රියදුරු යැයි විශ්වාස කෙරෙන 53 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ සමාජ මාධ්‍යවල බෙදාගත් වීඩියෝවලින් පෙන්නුම් කර ඇත්තේ වාහනය සෙනඟක් මැදින් ධාවනය වන ආකාරය සහ මිනිසුන් විසිරී යන ආකාරයයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කියර් ස්ටාමා සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, ලිවර්පූල් හි අනතුරට ලක්වූ සියලු දෙනා වෙනුවෙන් තමා කණගාටුවට පත් වන බවත්, මෙම කම්පන සහගත සිදුවීමට ඔවුන්ගේ කඩිනම් සහ අඛණ්ඩ ප්‍රතිචාරය සඳහා පොලිසියට සහ හදිසි සේවාවලට ස්තූතිවන්ත වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...