නිශ්මං රණසිංහ මැයි 27, කොළඹ LNW:
වෙළද සේවා බැඩිමින්ටන් 2025 තරගාවලියේදී කැපී පෙණෙන දස්කම් දක්වමින් රශ්මි භාග්‍යා මුදලිගේ ත්‍රිත්ව සූරතා ජයග්‍රහණය කරන්නට සමත් වූවාය.කාන්තා කේවල තරගයේදී රශ්මිට අභියෝගයක් වෙනු ඇතැයි සිතූ පංචලී අධිකාරි පරාජය කරමින් රශ්මි සමඟ අවසාන තරගයට පැමිණි විදාරා විදානගේ පරාජය කරමින් පංචලී කේවල සූරිය වූවාය.කාන්තා යුගල සූරතාවය ඇයට හිමි කර ගන්නට හැකි වූයේ වරංගනා ජයවර්ධන සමඟ එක්ව ය.මිශ්‍ර යුගල සූරතාවය දිනා ගැනිමේදී ඇය සමඟ එක් වූයේ ලෝචන ඔෂාන් සිල්වා ය.

පිරිමි ඒකල සූරතාවය සම්පූර්ණයෙන් බලාපොරොත්තු නොවුණු වෙනස් ප්‍රතිපලයක් ගෙන දුන්නේය.අංක දෙකට තරගාවලියේ දී ශ්‍රේණිගතව සිටි ආශිංෂන හේරත්ව කෙනෙත් අරුග්ගොඩ විසින් පරාජය කරන්නට යෙදිණ.අවසාන තරගයේදී අංක එකට ශ්‍රේණිගතව සිටි සෙනුක් සමරරත්න පරාජය කරමින් අවසාන තරගයට පිවිස් තිළිණ රාජකරුණා පරාජයට පත් වූයේ අංක 5 ට ශ්‍රේණිගතව සිටින සවිනික වීරසේකරට ය.
පිරිමි යුගල තරගයේ දී අවසාන තරගයේදි විදේශිකයන් තිදෙනෙකුම දකින්නට ලැබිණ.ඇලන් ධර්මාසපුත්‍ර සහ මාර්සෙල්ලෝ විට්ටෝරියෝ ඒ අතරින් පරාජය පත් කරමින් රයිශාන් ඩැෆා ගුස්යාපුත්‍ර සම ග එක් වූ ජේසන් හෝමර් පිරිමි යුගල සූරතාවය දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ඨතම බැඩිමින්ටන් ක්‍රීඩකයා හැටියට පිිළිගැනෙන නිලූක කරුණාරත්න මෙම තරගයේදී අවුරුදු 35 න් ඉහළ පිරිමි සූරතාවය දිනා ගත්තේ කිසිඳු අභියෝගයකින් තොරවය.එසේම නිලූක,චරිත් හරිඳු විජේනායක සමඟ එක්ව එම වයස් කාණ්ඩයේ පිරිමි යුගල සූරතාවයද පහසුවෙන් අත් කර ගන්නට සමත් විය.

කුඩා වයස් කාණ්ඩවල අවුරුදු 11 න් පහළ සිට අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩය දක්වා බාලක සහ බාලිකා තරග අංශ ද හසේම අවුරුදු 30 න් ඉහළ සිටි අවුරුදු 120 එකතුව සැළකෙන යුගල තරග දක්වා විවිධ වැඩිහිටි වයස් කාණ්ඩ ඇතුළත් ප්‍රවීන තරග ද පැවත්වෙන ක්‍රීඩා උළෙලේ ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්ව සිටින ප්‍රවීන තරගාවලියන් හී විශේෂ ක්‍රීඩිකාවක වන චන්ද්‍රිකා ද සිල්වා මේ තරගාවලියේ දී ද මිශ්‍ර 120 එකතුව ඇති මිශ්‍ර යුගල තරගයේදී වත්මන් බැඩිමින්ටන් සඳහා භෞතිකව වර්ථමාන යහපත කැඳවා ඒමට මූලික වූ රොහාන් ද සිල්වා සමඟ එක්ව එහි සූරතාවය දිනා ගන්නට සමත් වුණා.

