හිතූ මනාපෙට බද්දක් ගහන්නවත් නැති හැටියක්! අනේ අනිච්චං

Date:

සටහන – පුලී
මැයි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
කොට්ටෝරුවා ගහෙන් ගහට කොට කොට ගිහින් අන්තිමේට කෙහෙල් ගහේ හොට පැටළුනා වගේ සීන් එකක් දැන් ට්‍රම්ප් ට වී ඇත.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම ඇමරිකානු ෆෙඩරල් අධිකරණය විසින් අවහිර කර ඇති අතර එය ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රධාන අංගයකට විශාල පහරක් එල්ල කර ඇති බවට පෙනී යයි.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ජනාධිපතිවරයාට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බව ජාත්‍යන්තර වෙළඳ අධිකරණය මෙලෙස තීන්දු කර තිබේ.

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අනෙකුත් ජාතීන් සමඟ වාණිජ නියාමනය කිරීම සඳහා කොංග්‍රසයට සුවිශේෂී බලතල ලබා දෙන බවත් ආර්ථික තත්ත්වය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපතිවරයාගේ බලය මගින් ඊට බලපෑම් කිරීමට නොහැකි බවත් මෑන්හැටන් පදනම් කරගත් අධිකරණය පැවසීය.

තීන්දුවෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත ට්‍රම්ප් පරිපාලනය විසින් මීට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ නමුත්, මේ වනවිටත් එම තීරුබදු පැනවීම් අත්හිටුවා ඇති බවත්, මෙම තීන්දුව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ධවල මන්දිරයට දින 10 ක් ලබා දෙන බවත් වැඩිදුරටත් සඳහන්.

නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් අයිතීන්, ආර්ථිකය අතට ගෙන තමන්ගේ අත්ලේ නටවන්න වෙර දරන මිනිස්සුන්ට මේවත් හොඳ පාඩම්!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවත් වෙන්න විදිහක් නැත්නම් ඒක කියන්න. පුතාලට රොකට් යවන්න සල්ලි තියෙනවා නම් දෙමව්පියන් බලාගන්න බැරිද?

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරු අතරින් ජීවත් වීමට අපහසු තරම් ආර්ථික...

ගෙයක් නෑ කියන්නේ එච්චරකල් තියාගෙන ආපු ස්ටේටස්වලට මොකද වෙන්නේ? දයාසිරිගේ ප්‍රශ්නය!

කොළඹ LNW: ජනාධිපතිවරයෙක් විශ්‍රාම ගිය පසු ඔහුට ඉන්න නිවසක්...

නියෝජ්‍ය ඇමති වටගල කළ ප්‍රකාශයට වන්දි ඉල්ලා නාමල්ගෙන් රුපියල් බිලියනක එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : තමන්ට අපහාසයක් කළ...