හිතූ මනාපෙට බද්දක් ගහන්නවත් නැති හැටියක්! අනේ අනිච්චං

Date:

සටහන – පුලී
මැයි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
කොට්ටෝරුවා ගහෙන් ගහට කොට කොට ගිහින් අන්තිමේට කෙහෙල් ගහේ හොට පැටළුනා වගේ සීන් එකක් දැන් ට්‍රම්ප් ට වී ඇත.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම ඇමරිකානු ෆෙඩරල් අධිකරණය විසින් අවහිර කර ඇති අතර එය ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රධාන අංගයකට විශාල පහරක් එල්ල කර ඇති බවට පෙනී යයි.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ජනාධිපතිවරයාට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බව ජාත්‍යන්තර වෙළඳ අධිකරණය මෙලෙස තීන්දු කර තිබේ.

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අනෙකුත් ජාතීන් සමඟ වාණිජ නියාමනය කිරීම සඳහා කොංග්‍රසයට සුවිශේෂී බලතල ලබා දෙන බවත් ආර්ථික තත්ත්වය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපතිවරයාගේ බලය මගින් ඊට බලපෑම් කිරීමට නොහැකි බවත් මෑන්හැටන් පදනම් කරගත් අධිකරණය පැවසීය.

තීන්දුවෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත ට්‍රම්ප් පරිපාලනය විසින් මීට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ නමුත්, මේ වනවිටත් එම තීරුබදු පැනවීම් අත්හිටුවා ඇති බවත්, මෙම තීන්දුව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ධවල මන්දිරයට දින 10 ක් ලබා දෙන බවත් වැඩිදුරටත් සඳහන්.

නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් අයිතීන්, ආර්ථිකය අතට ගෙන තමන්ගේ අත්ලේ නටවන්න වෙර දරන මිනිස්සුන්ට මේවත් හොඳ පාඩම්!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...