දයාසිරි සහ ගම්මන්පිල කියන කන්ටේනර් 323 ගැන පරීක්ෂණයක් ඉල්ලා CID වෙත පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් චෝදනා කරන රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති කන්ටේනර් 323 පිළිබඳ විමර්ශනයක් ඉල්ලා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම කන්ටේනර් නිදහස් වීමෙන් පසු රටේ අපරාධ වැඩි වී ඇති බවට ඔවුන් පවසන්නේ ඔවුන් කුමන හෝ කරුණු ඒ පිළිබඳ දන්නා විය හැකි බවත් ඔවුන් කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අදාළ ආයතන වෙත පැමිණිල්ලක් හෝ කර නොමැති නිසා ඔවුන් පවසන දේ සත්‍යද කියා තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව පවතින බවයි උක්ත පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිඥ නලින් සම්පත් කුමාර මහතා පැවසුවේ.

ඒ අනුව දයාසිරි ජයසේකර සහ උදය ගම්මන්පිල යන අයගෙන් අදාළ තොරතුරු ගෙන සාධාරණ නිදහස් පරීක්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවයි මහතා සඳහන් කළේ.

උක්ත සිදුවීම ගැන සත්‍ය දැන ගැනීමේ අයිතියක් පුරවැසියන්ට ඇති බවද ඔහු පවසයි.

මෙවැනි චෝදනා රටේ ආර්ථික, දේශපාලන වශයෙන් පවා ගැටළු සහගත ලෙස බලපාන හෙයින් එවැනි තත්ත්වයන් ගැන විධිමත් පරීක්ෂණයක් සිදුවිය යුතු බවද ඔහු අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...