තීරුබදු වලට එරෙහි වෙළඳ අධිකරණයේ නියෝගය වෙනුවෙන් ට්‍රම්ප් අභියාචනා කරයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ දිනයේදී (29) එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය හදිසි බලතල නීතිය යටතේ ආනයන සඳහා දැඩි තීරුබදු පැනවීම ඇමරිකානු ෆෙඩරල් වෙළඳ අධිකරණය විසින් අත්හිටුවීමට එරෙහිව ජනාධිපති ට්‍රම්ප් විසින් අභියාචනා අධිකරණයේ කරන ලද අභියාචනය විභාග කිරීමට ගෙන ඇති බව වාර්තා වේ.

අභියාචනාධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් තීරුබදු වලට එරෙහි වෙළඳ අධිකරණයේ නියෝගය අත්හිටවනු ඇත.

මෙම වෙළඳ අධිකරණයේ තීන්දුව ජනාධිපති ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තියට බලවත් පහරක් වන අතර සිය අභියාචනය හරහා ට්‍රම්ප් ආපසු හැරවිය නොහැකි ජාතික ආරක්ෂාව සහ ආර්ථික හානි අවදානමට ලක්වීම වළක්වා ගැනීම සඳහා තීන්දුවෙන් හදිසි සහනයක් ඉල්ලා තිබේ. ජනාධිපති ට්‍රම්ප් අභියාචනාධිකරණයේ අභියාචනය පරාජය වුවහොත් ට්‍රම්ප් පරිපාලනය ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුව ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් සඳහන් කර තිබුණේ, වෙළඳ අධිකරණ විනිසුරුවන් ජනාධිපති ට්‍රම්ප්ගේ අධිකාරිය පැහැර ගැනීම සඳහා ඔවුන්ගේ අධිකරණ බලය නිර්ලජ්ජිත ලෙස අනිසි ලෙස භාවිතා කර ඇති බවත්, අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙයට තිත තැබිය යුතු බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...