පානදුර වෙඩි තැබීම ගැන අනාවරණ රැසක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 30, කොළඹ LNW :

පානදුර, වෑකඩ ප්‍රදේශයේ පිහිටි ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරුට වෙඩි තබා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කලක සිට පවතින ආරවුලක් මුල්කර ගනිමින් බවට අනාවරණ වී තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාළ පුද්ගලයාට වෙඩි තබා පලාගොස් ඇති බවයි. එහිදී තුවාල ලැබූ ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙන බව වාර්තා වේ. වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවත් එම ස්ථානයේ තිබී හිස්කොපු 12ක් සොයාගත් බවත් පොලීසිය කියා සිටී.
 

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බව කියන පානදුර නිලංග නමැත්තාගේ සමීපතමයෙක් බවත්,  තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලුනාව අසිත නමැත්තා සහ පානදුර නිලංග අතර කලක සිට මත ගැටුම් පවතින බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත. 

පසුගියදා පානදුර මාදුපිටිය ප්‍රදේශයේ පිහිටි අසිත නමැත්තාගේ බිරිඳ රැඳී සිටි නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.  එම වෙඩිතැබීම පානදුර නිලංග නමැත්තාගේ පාර්ශවයෙන් සිදු කර ඇති බවට වාර්තා වේ. වැඩිදුරටත් වාර්තා වුණේ, ඊට පළිගැනීමක් ලෙස ලුනාව අසිත පාර්ශවය විසින් පානදුර නිලංග නමැත්තාගේ සමීපතමයෙකු වන පානදුර, වෑකඩ ප්‍රදේශයේ පිහිටි ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුට වෙඩි තබා ඇති බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...