අරගලයේ තරුණියකට පහර දුන් පිරිසේ සිටි අයෙක්ට වංචා චෝදනා

මේ වන විටත් හේවාගම්කෝරළයේ සමූපාකාර සමිතියක සභාපති පදවියක් උසුලන අමිතානන්ද අබේවික්‍රම තැනත්තා අරගලයට පහරදුන් පිරිස අතර සිටි තරුණියකට අමානුෂික ලෙස පහරදුන් පිරිසේ සිටි දියණියන් දෙදෙනෙකුගේ පියෙක් බව තහවුරු වි ඇත.එසේම ඔහු දැනට සමූපාකාර සමිතියක සභාපති පදවිය දැරුවත් එය නීත්‍යාණුකූල මට්ටමක නැති බවත්,රාජපක්ෂ දේශපාලනයට සම්බන්ධ වීමේ අනුහස යොදාගෙන එහි රැදී සිටින බවටත්,ඒ නිසා බස්නාහිර සමූපාකාර සංවර්ධන කොමසාරිස් ඒ සම්බන්ධ‌යෙන් 2020 සිට ලිකිතව දැණුම් දී තිබුණ ද කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනිමට අපොහොසත්ව ඇති බවත් වාර්තා වෙයි.

සමූපාකාර සංවර්ධන කොමසාරිස් 2020 දී යොමු කළ ලිපියකින් රුපියල් ලක්ෂ 42 ක මුදලක් ණය ලෙස ගෙන ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල කර තිබේ.තවමත් මේ දක්වා එම මුදල ගෙවා නැතත් ඒ සම්බන්ධයෙන් සමූපාකාර සංවර්ධන කොමසාරිස් ඇතුළු පිරිසට මොහු විසින් කරන දේශපාලන බලපෑම් නිසා තීරණයක් ගැනීමට නොහැකි වි ඇත.එසේම කාරක සභාවට පත්වීම ද නිවැරදි නොවන බව කොමසාරිස් දන්වා ඇතත්,තවමත් ඔහු සමූපාකාර සමිතියක දේශපාලන අනුහස යොදාගෙන සභාපතිවරයාව රැඳී සිටින්නේය.

පහත ඡාරූපවලින් දැක්වෙන්නේ අමිතානන්ද අබේවික්‍රම අරගලයට කඩා වැදුණු මැර ක්‍රියා කළ පිරිස අතරේ සිටිමින් තරුණියකට පහර දෙන අයුරුය.එසේම ඔහු විසින් ණය ගෙවීම පැහැර හැර ඇති බවට සමූපාකාර සංවර්ධන කොමසාරිස් යොමු කළ ලිපිය මෙන්ම ඔහුගේ කාරක සභාවට පත්වීමද නිති විරෝධි බවට කොමසාරිස් ඉදිරිපත් කළ ලිපියද මේ සමඟ ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...