කොළඹට මහ වැස්සෙන් හානි රැසක්: දුම්රිය ගමනටත් බාධා!

Date:

රෂිකා හෙන්නායක මැයි 30, කොළඹ LNW :

අද (30) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ,කොළඹ නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට ඇතිවූ තද සුළං හේතුවෙන් ස්ථාන කිහිපයක ගස් කඩාවැටීම් ඇතුළු ආපදා හානි රැසක් වාර්තා වුණි.

කොළඹ විජේරාම මාවත, කොළඹ හෝර්ට්න් පෙදෙස, මෙට්ලන්ඩ් පෙදෙස, කොළඹ 02 නවම් මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක ගස් කඩාවැටීම් වාර්තා වූ අතර, මේ හේතුවෙන් එම මාර්ග ආශ්‍රිත රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත. මේ වන විට අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 245කට අයත් පුද්ගලයින් 1,321 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, ආපදා තත්ත්වයෙන් මොරටුව, පාදුක්ක, කැස්බෑව, කඩුවෙල, හෝමාගම, කොළඹ, සීතාවක, රත්මලාන, තිඹිරිගස්යාය, මහරගම ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13කට බලපෑම් එල්ලවී ඇති බව වාර්තා වේ.

නිවාස 03කට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 239කට අර්ධ හානි සිදුවී ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසීය.

තවද, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන අතර, ප්‍රධාන මාර්ගයේ සහ කැලණි වැලි මාර්ගයේ දුම්රිය කිහිපයක් මෙලෙස ප්‍රමාද වී ධාවනය කරන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අධ්‍යනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන්...

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි...

කොඩි දාන්ට ලයිට් කණු බඩගාන අය හිතන් ඉන්න දේ සහ ඇත්තටම වෙන දේ ….

ඕනෑම දේශපාලන පක්ෂයක කොඩිවැල් අදින්ට ලයිට් කනු දිගේ බඩගාන...