අගමැතිකම දුන්නොත් ගන්නවාද?

Date:

ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරන රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.

අගමැති ධූරය සරත් ෆොන්සේකා මහතාට ලබා දීමේ සූදානමක් පවතින බවට පළවන වාර්තාවන්ට ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කරන්නේ.

සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් තවදුරටත් ෆොන්සේකා මහතා පවසන්නේ ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවන බවයි.

එම සම්පූර්ණ සටහන

අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙළාදකිමි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙළා ප්‍රතික්ෂේප කරමි .
සමස්ත ශ්‍රීලාංකීය ජාතියම සාමකාමී අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග මමත් කොන්දේසි විරහිතව සිටගනිමි.

ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිළිබදව අතිශයින් සංවේදී වෙමි.

ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූදරුවන්ට හදවතින්ම ආශිර්වාද කළ මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි .

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...

අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW: 2024 වසරේ අල්ලස් ලබා...

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා...

බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක අල්ලස් චෝදනා මත අත්අඩංගුවට!

කොළඹ LNW:බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත...